මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳීම

slide.png
slide.png

විදුහල්පති පණිවිඩය

W.V.නිලූපා දිල්හානි

ගල්ඔය මිටියාවතේ ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති  මෝ/ඩී. එස්. සේනානායක මහා විද්‍යාලය ගල්ඔය ව්‍යාපාරයත් සමග ආරම්භ කරන ලද ඓතිහාසික වටිනාකමක් ඇති පුණ්‍ය භූමියකි. එදා මෙදා තුර අප විදුබිමෙන් බිහි වූ උගතුන් බුද්ධිමතුන් නායකයින් මෙරට මෙන්ම විදේශයන්හි අපමණය. ප්‍රදේශයේ ඉතා ඉහළ අධ්‍යාපන ප්‍රතිඵල මෙන්ම සෞන්දර්ය, ක්‍රීඩා යන ක්ෂේත්‍රයන්හි පවා පාසලේ කීර්ති නාමය රැව් පිළිරැව් නංවා ඇති අතර  ඉදිරියේදිත් අප පාසල තව තවත් ජයග්‍රහණ ලබාගෙන  ප්‍රදේශයේ දීප්තිමත්ම පාසල බවට පත් වේවා යි සුභාශිංශන ගෙනෙමි .

W.V.නිලූපා දිල්හානි
විදුහල්පති
මෝ/ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය.