දින දින සැරදේ සැරදේවා
ඩී.එස්.සේනානායක විදුහල් මාතාවනි ඔබ සැරදේවා...
මාතාවනි ඔබ සැරදේවා...
ගාමිණි දම්පල් මහපැරකුම්බල් මිහිඳු කුමරු දුටු විදුසක්විති ඔබ
ලකඹර එළිකර දරු කැල අතරේ
වෙමු අපි ඔබෙ සුරවිරු දරුවෝ...
වෙමු අපි ඔබෙ සුරවිරු දරුවෝ...
දින දින සැරදේ සැරදේවා
ඩී.එස්.සේනානායක විදුහල් මාතාවනි ඔබ සැරදේවා...
දෙස බස රැස දිවිදී සුරකින්නට
සමගිය සාමය හඬනංවන්නට
දස්කම් විස්කම් නිසි ඔබ ලංවා
දස් ලොව උගනිමු සිප් සතරා..
දස් ලොව උගනිමු සිප් සතරා...
දින දින සැරදේ සැරදේවා
ඩී.එස්.සේනානායක විදුහල් මාතාවනි ඔබ සැරදේවා...
මාතාවනි ඔබ සැරදේවා...